කුංකුම භාවිතයෙන් නිවසේදීම සාදාගත හැකි රූපලාවන්‍ය සත්කාර
- සමට දීප්තිය ලබා දෙන කුංකුම රාත්‍රී ක්‍රීම්
අවශ්‍ය ද්‍රව්‍ය
පිරිසිදු කෝමාරිකා (Aloe Vera) ජෙල් – මේස හැඳි 4
කුංකුම කෙඳි – 5 සිට 6 දක්වා
ඔලිව් තෙල් හෝ ආමන්ඩ් තෙල් – මේස හැඳි 2
සාදා ගන්නා ආකාරය
කුංකුම කෙඳි තෙල්වල විනාඩි 10ක් පමණ පොඟවා ගන්න.
එයට කෝමාරිකා ජෙල් එකතු කරන්න.
හොඳින් මිශ්‍ර කර ක්‍රීම් වැනි මෘදු ගතියක් ලැබෙන තුරු කලවම් කරන්න.
භාවිතා කරන ආකාරය
රාත්‍රියේ මුහුණ පිරිසිදු කර සුළු ප්‍රමාණයක් ආලේප කරන්න. පසුදා උදෑසන මුහුණ සෝදා හරින්න.
- කුංකුම සහ සඳුන් මුහුණු ආලේපනය
අවශ්‍ය ද්‍රව්‍ය
සුදු සඳුන් කුඩු – තේ හැඳි 1
කුංකුම කෙඳි – 3 සිට 4
එළකිරි හෝ රෝස වතුර – මේස හැඳි 2
සාදා ගන්නා ආකාරය
කිරි හෝ රෝස වතුරට කුංකුම කෙඳි දමා විනාඩි 15ක් තබන්න.
එයට සඳුන් කුඩු එකතු කර උකු පේස්ට් එකක් සාදා ගන්න.
භාවිතා කරන ආකාරය
මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 20ක් පමණ තබා ඇල් වතුරෙන් සෝදා හරින්න.
සතියකට දෙවරක් පමණ භාවිතා කළ හැක.
- වියළි සම සඳහා කුංකුම සහ මී පැණි සත්කාරය
අවශ්‍ය ද්‍රව්‍ය
පිරිසිදු මී පැණි – මේස හැඳි 1
කුංකුම කෙඳි – 3 සිට 4
සාදා ගන්නා ආකාරය
මී පැණිවලට කුංකුම එකතු කරන්න.
විනාඩි 10ක් පමණ වසා තබන්න.
පසුව හොඳින් මිශ්‍ර කරන්න.
භාවිතා කරන ආකාරය
මුහුණේ ආලේප කර විනාඩි 15ක් පමණ මෘදුව සම්බාහනය කර ඇල් වතුරෙන් සෝදා හරින්න.
මෙය සමට ස්වාභාවික තෙතමනය ලබා දීමට සහ සම මෘදු ලෙස පවත්වා ගැනීමට උපකාරී වේ.
කුංකුම භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
නව ආලේපනයක් භාවිතා කිරීමට පෙර අතේ කුඩා කොටසක (Patch Test) පරීක්ෂා කරන්න.
සංවේදී සමක් ඇති අය පළමුව වෛද්‍යවරයෙකු හෝ සම පිළිබඳ විශේෂඥයෙකුගේ උපදෙස් ලබා ගැනීම සුදුසුය.
කුංකුම අධික ප්‍රමාණයෙන් භාවිතා කිරීමෙන් වඩා හොඳ ප්‍රතිඵල නොලැබෙන බැවින් නිර්දේශිත ප්‍රමාණය පමණක් භාවිතා කරන්න.
සෑම විටම විශ්වාසදායක අලෙවිකරුවෙකුගෙන් ගුණාත්මක, පිරිසිදු කුංකුම මිලදී ගන්න.
==============================
DIY Saffron Skincare Treatments You Can Make at Home
Saffron has been used in traditional beauty rituals for centuries due to its natural antioxidant properties and skin-enhancing benefits. Here are three simple homemade skincare treatments that can be prepared using pure saffron.
- Saffron Night Cream for Radiant Skin
Ingredients
4 tablespoons of pure Aloe Vera gel
5–6 strands of saffron
2 tablespoons of olive oil or almond oil
How to Prepare
Soak the saffron strands in the olive or almond oil for about 10 minutes.
Add the Aloe Vera gel to the infused oil.
Mix thoroughly until it forms a smooth, creamy consistency.
How to Use
Apply a small amount to clean skin before bedtime and leave it on overnight. Wash your face with water the following morning.
Benefits:
Helps improve the skin’s natural glow.
Provides lightweight hydration.
Nourishes the skin overnight.
- Saffron & Sandalwood Face Pack
Ingredients
1 teaspoon of white sandalwood powder
3–4 strands of saffron
2 tablespoons of fresh milk or rose water
How to Prepare
Soak the saffron strands in the milk or rose water for about 15 minutes.
Add the sandalwood powder.
Mix well to form a smooth, thick paste.
How to Use
Apply evenly to the face and neck. Leave it on for about 20 minutes, then rinse with lukewarm water.
For best results, use this face pack twice a week.
Benefits:
Helps refresh dull-looking skin.
Leaves the skin feeling soft and smooth.
Supports a brighter, healthier-looking complexion.
- Saffron & Honey Face Treatment for Dry Skin
Ingredients
1 tablespoon of pure honey
3–4 strands of saffron
How to Prepare
Add the saffron strands to the honey.
Cover and allow the mixture to infuse for about 10 minutes.
Stir well before use.
How to Use
Apply to the face and gently massage for approximately 15 minutes. Rinse thoroughly with lukewarm water.
Benefits:
Helps moisturize dry skin.
Leaves the skin feeling soft and nourished.
Promotes a naturally healthy-looking glow.
Important Tips When Using Saffron for Skincare
Always perform a patch test on a small area of skin before using any new homemade skincare product.
If you have sensitive skin or a known skin condition, consult a dermatologist or healthcare professional before use.
Using more saffron than recommended will not necessarily provide better results. Follow the suggested quantities for each recipe.
Purchase only high-quality, pure saffron from trusted and reputable sellers to ensure safety and effectiveness.
Store saffron in an airtight container, away from heat, moisture, and direct sunlight to preserve its quality.



